2023 නොවැම්බර් 28, ප.ව. 10:12
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවා අර්ජුන රණතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුත් අතුරු පාලක කමිටුවක් පත් කිරීමට හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ගොනුකල පෙත්සම දෙසැම්බර් මස 05 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.
එදින තෙක් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දුන්නා.
මේ සම්බන්ධයෙන් නව ක්‍රීඩා අමාත්‍යවරයාගේ ස්ථාවරය දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ලබන මස 5 වනදා මේ සම්බන්ධයෙන් නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ස්ථාවරය අධිකරණයට දැනුම් දීමට නියමිතයි.
2024 දෙසැම්බර් 20, පෙ.ව. 12:24
2024 දෙසැම්බර් 19, පෙ.ව. 8:32
2024 දෙසැම්බර් 17, ප.ව. 11:21
2024 දෙසැම්බර් 16, පෙ.ව. 9:17
2024 දෙසැම්බර් 16, පෙ.ව. 8:39