2025 සැප්‍තැම්‍බර් 13, පෙ.ව. 10:53
2025 ආසියානු කුසලාන T 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන පළමු තරගය බංග්ලාදේශ සමග අද රාත්‍රි 8.00ට ආරම්භවීමට නියමිතව තිබේ.
තරගය අබුඩාබිහි ෂෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය මූලික වටයේදී B කාණ්ඩයෙන් තරග වදියි.
එම කාණ්ඩයට ඇතුළත් සෙසු කණ්ඩායම් වන්නේ හොංකොං සහ ඇෆ්ගනිස්ථානයයි.
බංග්ලාදේශය මූලික වටයේ පළමු තරගයේදී හොංකොං කණ්ඩායම පරාජය කිරීමට සමත් විය.
ක්‍රීඩකයින් සිය අවසන් පුහුණු සැසිය සඳහා එක්ව සිටියා.
අද තරගයට එක්විය හැකි ශ්‍රී ලංකා කණ්ඩායම
1.පැතුම් නිස්සංක
2.කුසල් මෙන්ඩිස්
3.කමිල් මිශාර
4.කුසල් ජනිත් පෙරේරා
5.කමිඳු මෙන්ඩිස්
6.චරිත් අසලංක – නායක
7.දසුන් ශානක
8.වනිඳු හසරංග
9.බිනුර ප්‍රනාන්දු / දුනිත් වෙල්ලාලගේ
10.දුෂ්මන්ත චමීර
11.නුවන් තුශාර
2025 සැප්‍තැම්‍බර් 10, ප.ව. 1:58
2025 සැප්‍තැම්‍බර් 09, ප.ව. 1:34
2025 සැප්‍තැම්‍බර් 08, ප.ව. 6:26
2025 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 10:36
2025 සැප්‍තැම්‍බර් 07, ප.ව. 12:03