hit counter

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2026 ජනවාරි 09, ප.ව. 10:09



සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද පැවැත්වීමට නියමිත තිබූ දෙවන T20 තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවිය.

තරගය අද රාත්‍රි 7.00ට ආරම්භ වීමට නියමිතව තිබුණ ද වර්ෂාවෙන් ඇති වූ බාධා හේතුවෙන් තරගයේ කාසියේ වාසිය උරගා බැලීමට හැකියාවක් ලැබුණේ නැහැ.

දිගින් දිගටම වර්ෂාව පතිතවීම හේතුවෙන් තරගය අතහැර දැමීමට විනිසුරුවරුන් පියවර ගත්තේය.

පාකිස්ථානය තරග 3කින් යුත් T 20 තරගාවලිය  1-0ක් ලෙස පෙරමුණ ගෙන සිටියි.