2025 නොවැම්‍බර් 17, පෙ.ව. 11:40
ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර පැවැතුණු 3වන එක්දින ක්‍රිකට් තරගය ද කඩුලු 6කින් ජය ගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් විය.
මේ සමග පාකිස්ථානය තරග 3කින් යුත් එක්දින තරගාවලිය තරග 3ට 0ක් ලෙස ජය ගත්තේය.
මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 45.2කදී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 211ක් පමණි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 44.4කදී කඩුලු 4ක් දැවී ලකුණු 214ක් ලබා තරගය ජය ගත්තේය.

පාකිස්ථානය ශ්‍රී ලංකාවට එරෙහිව පිට පිට 3වන වරටත් එක්දින තරගාවලියක් පූර්ණ ලෙස ජය ගැනීමට සමත් වුණා.
පාකිස්ථානය තරගාවලිය තරග 3-0ක් ලෙස ජය ගත්තේය.
ශ්‍රී ලංකාව,පාකිස්ථානය හා සිම්බාබ්වේ කණ්ඩායම එක්වන තුන්කොන් T20 තරගාවලිය හෙට ආරම්භ කරමින් පාකිස්ථානය හා සිම්බාබ්වේ අතර තරගය පැවැත්වීමට නියමිතව තිබේ.

2026 ජනවාරි 09, ප.ව. 10:09
2026 ජනවාරි 08, ප.ව. 9:01
2026 ජනවාරි 08, පෙ.ව. 8:15
2026 ජනවාරි 07, පෙ.ව. 7:57
2026 ජනවාරි 05, ප.ව. 4:48