2025 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 11:10
ශ්‍රී ලංකාව හා පැවැති දෙවැනි T20 තරගය කඩුලු 5කින් ජය ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය.
සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව T20 තරගයක් ජය ගත් දෙවන අවස්ථාව ද මෙය විය.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දුවාර 17.4කදී ලකුණු 80කට දැවී ගියේය.
මෙය ශ්‍රී ලංකාව T 20 තරගයකදී ලබා ගත් දෙවන අඩුම ලකුණු ගණන ද වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ ක්‍රීඩකයෝ පන්දුවාර 14.2කදී කඩුලු 5ට ලකුණු 84ක් ලබා තරගය ජය ගත්තේය.
තරග 3කින් යුත් තරගාවලිය ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම එක් තරගය බැගින් ජය ගෙන සම තත්ත්වයේ පසු වනවාය.

අවසන් T20 තරගය අද හරාරේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
2026 පෙබරවාරි 02, ප.ව. 1:38
2026 පෙබරවාරි 02, ප.ව. 1:09
2026 ජනවාරි 31, ප.ව. 8:55
2026 ජනවාරි 30, පෙ.ව. 8:47
2026 ජනවාරි 29, ප.ව. 11:17