hit counter

2024 ඔක්‍තෝබර් මස 05 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 16, ප.ව. 11:12



ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාව ක්‍රීඩා වැරදි වැළක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට කැඳවන ලෙස ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා එම ඒකකයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ ඔහු විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය සම්බන්ධව පැනනැගී ඇති ගැටළු කිහිපයක් විමර්ශනය කිරීමටයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා විසින් 2023.11.13 වන දින නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයට අනුව 2019 අංක 24 දරන ක්‍රීඩාවට සම්බන්ධ වැරදි වැලැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදි වන තරග පාවා දීම, දූෂණය, නීති විරෝධී මෙහෙයවීම සහ නීති විරෝධී ඔට්ටු ඇල්ලීම සම්බන්ධිත කාරණා පිළිබදව තොරතුරු ඔහු දන්නා බව ප්‍රකාශ කර ඇති නිසා වහාම ඔහුව කැඳවා ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා දැනුම්දී තිබෙනවා.

එම ප්‍රකාශය ඔහු දරන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති යන තනතුර මත බරපතල ප්‍රකාශයන් වන අතර ඒ සම්බන්ධයෙන් සමාජයේ විශාල කතිකාවතක් නිර්මාණය වී ඇති බව පවසන අමාත්‍යවරයා 2019 අංක 24 දරන පනත ප්‍රකාරව මේ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට කඩිනමින් පියවර ගන්නා ලෙස ක්‍රීඩා වැරදි වැළක්වීමේ විශේෂ විමර්ශන ඒකකය වෙත දැනුම් දී ඇත.

Example Image