2024 සැප්‍තැම්‍බර් 02, ප.ව. 11:00
දකුණු අප්‍රිකා A කණ්ඩායම සමග පැවැති එක්දින තරගාවලිය තරග 2-0ක් ලෙස ජය ගන්නට ශ්‍රී ලංකා A කණ්ඩායම සමත් විය.
දෙවැනි එක්දින තරගය ද ශ්‍රී ලංකා A කණ්ඩායම ලකුණු 31කින් ජය ගත්තේය.
මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා A පන්දුවාර 50දී කඩුලු 7ක් දැවී ලකුණු 270ක් ලබා ගත්තා.
ලහිරු උදාර ලකුණු 86ක් ද, සහන් ආරච්චිගේ ලකුණු 52ක් ද ,චමිඳු වික්‍රමසිංහ ලකුණු 48ක් ද රැස්කළාය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා A කණ්ඩායමට ලබා ගැනීමට හැකිවුණේ පන්දුවාර 41.1කදී සියල්ලන් දැවී ලකුණු 239ක් පමණි.
දුෂාන් හේමන්ත ලකුණු 48කට කඩුලු 5ක් බිද දැමුවාය.
2025 දෙසැම්බර් 16, පෙ.ව. 11:17
2025 දෙසැම්බර් 16, පෙ.ව. 8:28
2025 දෙසැම්බර් 15, ප.ව. 12:11
2025 දෙසැම්බර් 13, ප.ව. 9:14
2025 දෙසැම්බර් 12, පෙ.ව. 8:28