hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 15, ප.ව. 1:05



රුමේෂ් තරංග නව ශ්‍රී ලංකා වාර්තාවක් සහ තරගාවලි වාර්තාවක් සමඟ ආසියානු විසිකිරීමේ තරගාවලියේ පිරිමි හෙල්ලය විසිකිරීම ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට සමත්වුණා.

ඒ මීටර් 85.45ක දක්ෂතාවක් දක්වමින්.

ඔහුට ඔලිම්පික් වරම් අහිමි වී ගියේ සෙන්ටිමීටර් 5කින් වීමත් කැපී පෙනෙනවා.

මෙවර ඔලිම්පික් උළෙලේ පිරිමි හෙල්ලය විසි කිරීමේ ඉසව්වේ පරිසාදන මට්ටම මීටර් 85.50ක්.

මේ අතර මෙම තරගය සව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සුමේධ රණසිංහ සමත්වුණා.

ඒ මීටර් 77.57ක දක්ෂතාවක් දක්වමින්.

මේ අතර කාන්තා හෙල්ලය විසිකිරීම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට දිල්හානි ලේකම්ගේ සමත්වුණා.

ඒ මීටර් 57.94ක දක්ෂතාවක් දක්වමින්.

එය මෙම තරග වාරයේ ඇයගේ හොඳම දක්ෂතාව ද වනවා.