hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූලි 17, ප.ව. 6:09



ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ සුවිශේෂී සටහනක් තබමින් 2024 ජාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ දී නව වාර්තා 36 ක් පිහිටුවීමට කණිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය.

තරගාවලියේ දක්ෂතාම ක්‍රීඩකයා වශයෙන් කොළඹ ආනන්ද විදුහලේ මෙරෝන් විජේසිංහ ද, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස මොණරාගල නන්නපුරාව මහ විදුහලේ මධුශානි හේරත් සම්මාන ලැබීය.

මේ අතර අගෝස්තු මාසයේදී පේරු රාජ්‍යයේ පැවැත්වීමට නියමිත ලෝක කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය සඳහා මේ වන විට ශ්‍රී ලංකීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11 දෙනෙකු සුදුසුකම් ලැබීමට සමත් ව තිබේ.

එය මෙතෙක් ලෝක කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයක් සඳහා සුදුසුකම් ලැබූ ඉහලම ක්‍රීඩක සංඛ්‍යාව වේ.

Meron Wijesinghe (Men / 100m) Deneth Weeraratne (Men /100m)
Indusara Vidushan (Men /200m),
Kaushan Thamel (Men / 200m),
Jathya Kirulu (Men / 400m),
Sandun Koshala (Men / 110m Hurdles)
Ayomal Akalanka (Men / 400m Hurdles)
Lesandu Arthavidu (Men / High Jump)
Tharusha Mendis (Men / High Jump),
Madushani Herath (Women/ Long Jump and Triple Jump)
Jithma Wijethunga (Women / 400m)