hit counter

2024 සැප්‍තැම්‍බර් මස 28 වන සෙනසුරාදා

2023 අගෝස්‍තු 31, ප.ව. 11:49



2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශ සමග පැවැති තරගයෙන් කඩුලු 5ක පහසු ජයක් වාර්තා කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 42යි පන්දු 4කදී සියල්ලන් දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 164ක් පමණයි.

නජ්මුල් හසන් ශැන්‍ටෝ ලකුණු 89ක් ලබා ගත්තේ බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින්.

මතීෂ පතිරණ ලකුණු 32කට කඩුලු 4ක් දවා ගත්තා.

මහීෂ් තීක්ෂණ ලකුණු 19කට කඩුලු 2යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 39කදී කඩුලු 5ක් දැවී ලකුණු 165ක් ලබා තරගය කඩුලු 5කින් ජය ගත්තා.

සධීර සමරවික්‍රම ලකුණු 54ක් සහ චරිත් අසලංක නොදැවී ලකුණු 62ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකාව අඛණ්ඩව ජයගත් 11 වැනි එක්දින තරග ජය මෙය වන අතර මේ සමග වැඩිම තරග සංඛ්‍යාවක් අඛණ්ඩව ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත් අවස්ථාව ද මෙය වනවා.

Example Image