hit counter

2026 මාර්තු මස 06 වන සිකුරාදා

2024 මාර්තු 29, පෙ.ව. 8:49



සිංගප්පූරුවේ පැවැත්වෙන FIBA 3*3 ආසියානු කුසලාන පැසිපන්දු තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ පැවැති තරගයක උණුසුම් සටනකින් අනතුරුව ප්‍රබල දකුණු කොරියාව පරදා ශ්‍රී ලංකාව ජය ගනී

තරගයේ ලකුණු සටහන දැක් වුණේ 21කට 19ක් ලෙසින්.

ලෝක ශ්‍රේණිගතකිරීම්වල දකුණු කොරියාව 41 වන තැන පසුවන අතර ශ්‍රී ලංකා කණ්ඩායම එහි පසුවන්නේ 80 වන ස්ථානයෙයි.

මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දුනීසියානු කණ්ඩායම ද පරාජය කිරීමට සමත් විය.

ඒ අනුව ආසියානු සටනේ ‘B’ කාණ්ඩයේ සිය ස්ථානය වෙන් කර ගත් ශ්‍රී ලංකාව ප්‍රධාන කණ්ඩායම් 12 වටයට අපරාජිතව සුදුසුකම් ලබා ගත්තා.