hit counter

2024 ජූනි මස 30 වන ඉරිදා

2024 ජූනි 28, පෙ.ව. 12:33



ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩාමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සේවය කළ එංගලන්තයේ ක්‍රිස් සිල්වර්වුඩ් එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, පෞද්ගලික හේතුවක් මත ක්‍රිස් සිල්වර්වුඩ් සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බවයි.

ඔහුගේ පුහුණුකාරීත්ව යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම 2022 වසරේදී ආසියානු කුසලානය ජය ගත් අතර 2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාවය හිමි කර ගත්තේ ය.

ක්‍රිස් සිල්වර්වුඩ්ගෙන් පසු මෙරට පුහුණුකරුවෙකු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීමේ සූදානමක් පවති.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග තිළිණ කණ්ඩම්බි,අවිශ්ක ගුණවර්ධන ,ජෙහාන් මුබාරක් ඇතුළු හිටපු ක්‍රීඩයින් රැසක් කටයුතු කරන අතර මීට අමතරව කුමාර් සංගක්කාර සහ ලසිත් මාලිංග LPL තරගාවලියේ පුහුණුකරු ධුර දරණවාය.