2023 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:06
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන සියලුම දේශීය තරගාවලි වහාම නවතා දැමීමට තීරණය කර තිබෙනවා.
ඒසේ නවතා දමන ලද තරගාවලි අතරට මේ දිනවල පැවැත්වෙන අන්තර් සමාජ තෙදින තරගාවලිය සහ ආරාධිත ක්‍රීඩා සමාජ ටියර් ‘බී’ කොටසේ තරගාවලි දෙකද ඇතුළත්.
ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරන ලද අභියාචානා කමිටුව විසින් ගනු ලැබූ ඒම තීරණය ක්‍රීඩා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් 2023 අගෝස්තු මස 25 වැනි දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දී තිබෙනවා.
ඒ් අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන සියලුම දේශීය ක්‍රිකට් තරගාවලි පිළිබඳව පැහැදිළි කිරීමක් ලැබෙන තුරු අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තා.
2025 අප්‍රේල් 20, ප.ව. 7:13
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:13
2025 අප්‍රේල් 17, ප.ව. 11:32
2025 අප්‍රේල් 16, ප.ව. 11:41
2025 අප්‍රේල් 15, ප.ව. 4:39