hit counter

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2024 සැප්‍තැම්‍බර් 10, ප.ව. 8:37



2027 ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග වටයේ කාම්බෝජය සමග පැවැති දෙවැනි තරගය ශ්‍රී ලංකාව දඩුවම් පහර 4 -2 ක් ලෙස ජය ගැනීමට සමත් වෙයි.

තරගයේ පළමු අර්ධය අවසන් වන විට ශ්‍රී ලංකාව ගෝල 1ට 0ක් ලෙස පෙරමුණ ගෙන සිටියේය.

දෙවැනි අර්ධයේ සහ ලබාදුන් අමතර කාළයේදී ගෝල 2ක් ලබා තරගය ගෝල 2-1ක් ලෙස කාම්බෝජය පෙරමුණ ගෙන සිටියේය.

අතිරේක කාළයේ අවසන් විනාඩියේදී ගෝලක් ලබා ගත් ශ්‍රී ලංකාව ගෝල 2-2ක් ලෙස සම කරමින් දඩුවම් පහර වෙත තරගය ගෙන ගියේය.

මෙම ජය සමග ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලානයේ සුදුසුකම් ලැබීමේ වටයේ මීලඟ තරගයට සුදුසුකම් ලබා ගත්තේය.