hit counter

2025 අප්‍රේල් මස 21 වන සඳුදා

2023 නොවැම්‍බර් 06, ප.ව. 11:15



2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශ සමග පැවැති තරගයෙන් කඩුලු 3ක පරාජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලානයේ මූලික වටයෙන්ම ඉවත් වන්නට සිදුවුණා.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 3කදී සියලු දෙනා දැවී ලකුණු 279ක් ලබා ගත්තා.

චරිත් අසලංක ලකුණු 108ක් ද, සදීර සමරවික්‍රම සහ පැතුම් නිස්සංක ලකුණු 41 බැගින් ලබා ගත්තා.

Tanzim Hasan Sakib ලකුණු 80කට කඩුලු 3ක් ද,Shoriful Islam ලකුණු 51කට කඩුලු 2ක් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය පන්දුවාර 41යි එක් පන්දුවකදී කඩුලු 7ක් දැවී ලකුණු 282ක් ලබා තරගය ජය ගත්තා.

ශකීබ් අල් හසන් ලකුණු 82ක් ද ,නජ්මුල් හසන් ශැන්ටෝ ලකුණු 90ක් ද ලබා ගත්තා.

ඩිල්ෂාන් මධුෂංක ලකුණු 69කට කඩුලු 3ක් ද,මහීෂ් තීක්ෂණ ලකුණු 44කට කඩුලු 2ක් ද,ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 35කට කඩුලු 2ක් දවා ගත්තා.

මෙම පරජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලානයේ මූලික වටයෙන්ම ඉවත් වූ 3 වැනි කණ්ඩායම බවට පත් වුණා.