2023 දෙසැම්‍බර් 28, පෙ.ව. 10:29
සිම්බාබ්වේ කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරයේ එක්දින සහ T20 තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 22 දෙනෙකුගෙන් යුත් මූලික ශ්‍රී ලංකා සංචිතයක් නම් කර ඇති බව වාර්තා වේ.
නව ක්‍රිකට් තේරීම් කමිටුව විසින් පළමුවරට නම් කරන ලද සංචිතය ද මෙයයි.
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වූ කුසල් පෙරේරා, දිමුත් කරුණාරත්න, දුෂාන් හේමන්ත, කසුන් රාජිත, මතීෂ පතිරණ, ඇන්ජලෝ මැතිව්ස් සහ ලහිරු කුමාර මෙම සංචිතය අතර නොසිටින බවද වාර්තා වනවා.
සහන් ආරච්චිගේ, චාමික ගුණසේකර, අවිශ්ක ප්‍රනාන්දු, නුවනිදු ප්‍රනාන්දු, ජනිත් ලියනගේ, කමිදු මෙන්ඩිස්, අකිල ධනංජය, අසිත ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩර්සේ යළි ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබෙනවා.
ආබාධයක් හේතුවෙන් ලෝක කුසලාන තරගාවලිය සඳහා ක්‍රීඩා නොකළ වනිදු හසරංග ද මෙම සංචිතය සඳහා කැඳවා ඇත.
ශ්‍රී ලංකා මූලික සංචිතය
කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, පැතුම් නිස්සංක, සධීර සමරවික්‍රම, අවිශ්ක ප්‍රනාන්දු, නුවනිදු ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා ,ජනිත් ලියන්ගේ, දසුන් ශානක, චාමික කරුණාරත්න, වනිදු හසරංග, දුනිත් වෙල්ලාලගේ, සහන් ආරච්චිගේ, කමිදු මෙන්ඩිස්, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මදුශංක, අසිත ප්‍රනාන්දු, ප්‍රමෝද් මදුෂාන්, චාමික ගුණසේකර, මහීෂ් තීක්ෂණ, අකිල ධනංජය සහ ජෙෆ්රි වැන්ඩර්සේ
2025 ජූනි 01, ප.ව. 10:05
2025 මැයි 30, පෙ.ව. 1:14
2025 මැයි 28, ප.ව. 2:56
2025 මැයි 28, පෙ.ව. 7:04
2025 මැයි 28, පෙ.ව. 6:43