2023 ඔක්‍තෝබර් 16, ප.ව. 12:14
රටවල් 06ක සහභාගිත්වයෙන් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවති මධ්‍යම ආසියානු පිරිමි වොලිබෝල් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.
ඒ අවසන් මහා තරගයෙන් උස්බෙකිස්ථානයට එරෙහිව තරග වට 3-0ක පහසු ජයක් අත්කර ගනිමිනි.
ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මූලික වටයේ තරගයකදී උස්බෙකිස්ථානය හමුවේ තරග වට 3-2ක් ලෙස පරාජය වී තිබූ පසුබිමක අවසන් තරගය විශිෂ්ට ලෙස ජයගැනීම සුවිශේෂිය.
අවසන් ලකුණු තත්ත්වය දැක්වුණේ ලකුණු 25-14ක්, 25-18ක් සහ 25-22ක් වශයෙනි.
මෙම තරගාවලියේ පසුගියවර (2021) ශූරතාව දිනා ගත්තේද ශ්‍රී ලංකාවයි.
තෙවැනි තැන ඇෆ්ගනිස්තානයට
මෙම තරගාවලියේ තෙවැනි ස්ථානය වෙනුවෙන් පැවති තරගය වට 3-0කින් ජය ගැනීමට ඇෆ්ගනිස්ථානය සමත්වුණා.
සෞදි අරාබිය සමග පැවති තරගයේ අවසන් ලකුණු තත්ත්වය දැක්වුණේ 25-14ක්, 25-16ක් සහ 25-18ක් ලෙසය.
2025 අප්‍රේල් 30, ප.ව. 11:51
2025 අප්‍රේල් 28, ප.ව. 11:33
2025 අප්‍රේල් 28, ප.ව. 10:56
2025 අප්‍රේල් 26, ප.ව. 7:53
2025 අප්‍රේල් 25, ප.ව. 10:40