2023 ඔක්‍තෝබර් 17, පෙ.ව. 9:17
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාව සමග පැවැති තරගය කඩුලු 5කින් පරාජය වන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණා.
මෙවර ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලද තුන්වැනි තරග පරාජය මෙයවන අතර මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 43යි පන්දු 3කදී සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 209ක් පමණයි.
පැතුම් නිස්සංක ලකුණු 61ක් ද ,කුසල් ජනිත් පෙරේරා ලකුණු 78ක් ද ලබා ගත්තා.
චරිත් අසලංක ලකුණු 25යි.
ඇඩම් සැම්පා ලකුණු 47කට කඩුලු 4ක් ද,මිචෙල් ස්ටාක් සහ පැට් කමින්ස් කඩුලු 2ක බැගින් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව පන්දුවාර 35යි පන්දු 2කදී කඩුලු 5ක් දැවී ලකුණු 215ක් ලබා තරගය ජය ගත්තා.
මිචෙල් මාෂ් ලකුණු 52ක් ද,මානස් ලබුෂයින් ලකුණු 40ක් ද,ජෝෂ් ඉන්ලිෂ් ලකුණු 58ක් ද ලබා ගත්තා.
ඩිල්ෂාන් මධුෂංක ලකුණු 38කට කඩුලු 3යි.
2025 ජූනි 01, ප.ව. 10:05
2025 මැයි 30, පෙ.ව. 1:14
2025 මැයි 28, ප.ව. 2:56
2025 මැයි 28, පෙ.ව. 7:04
2025 මැයි 28, පෙ.ව. 6:43