2024 අගෝස්‍තු 19, පෙ.ව. 1:33
අයර්ලන්තය සමග පැවැති එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-0ක පරාජයක් අත් විඳ ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සිදු විය.
ඒ දෙවැනි එක්දින තරගය ද ලකුණු 15කින් පරාජයවීමත් සමගය.
මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් අයර්ලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 50දී කඩුලු 5කට ලකුණු 255ක් ලබා ගත්තේය.
අචිනි කුලසූරිය ලකුණු 48කට කඩුලු 2ක් ද , කවීෂා දිල්හාරි ලකුණු 35කට කඩුලු 2ක් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවාර 48කදී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 240ක්.
හර්ෂිතා සමරවික්‍රම ලකුණු 105ක් ද,කවීෂා දිල්හාරි ලකුණු 53ක් ද ලබා ගත්තා.

හර්ෂිතාගේ මෙය ප්‍රථම එක්දින ශතකය ද වනවා.
2026 මාර්තු 05, ප.ව. 12:23
2026 මාර්තු 01, ප.ව. 10:25
2026 මාර්තු 01, ප.ව. 10:07
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:23
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:03