2024 සැප්‍තැම්‍බර් 29, ප.ව. 2:10
ශ්‍රී ලංකා – නවසීලන්තය අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 154කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 2 ට 0ක් ලෙස ජයගැනීමය ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
සිව්වැනි දිනය සඳහා අදතරගය ආරම්භ කරනවිට ලකුණු 514ක ඉලක්කයක් හඹායන නවසීලන්ත කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 199ක් ලබාගෙන සිටියේය.
ඒ අනුව නවසීලන්තයට දෙවැනි ඉනිමට සියල්ලන් දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 360ක් පමණි.
ග්ලෙන් පිලිප්ස් ලකුණු 78ක් ද,මිචෙල් සැට්නර් ලකුණු 67ක් ලබා ගත්තා.
නිෂාන් පීරිස් ලකුණු 170කට කඩුලු 6ක් දවා ගත්තේය.
ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට කඩුලු 5ක් දැවි ලකුණු 602ක් රැස්කර ගත් අතර නවසීලන්ත කණ්ඩායමට සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 88ක් පමණි.
ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තය එරෙහිව 2009 වසරෙන් පසුව ටෙස්ට් තරගාවලියක් ජය ගත්තාය.
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:13
2025 අප්‍රේල් 17, ප.ව. 11:32
2025 අප්‍රේල් 16, ප.ව. 11:41
2025 අප්‍රේල් 15, ප.ව. 4:39
2025 අප්‍රේල් 14, ප.ව. 7:29