2024 ජූනි 15, ප.ව. 6:13
බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගය කඩුලු 6කින් ජය ගන්නට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට පන්දුවාර 47යි එක් පන්දුවකදී සියල්ලන් දැවී රැස්කර ගැනීමට හැකිවුණේ ලකුණු 195ක් පමණයි.
පන්දු යැවීමේදී සුගන්දිකා කුමාරි ලකුණු 30ට කඩුලු 3ක් ද, කවීෂා ඩිල්හාරි ලකුණු 41කට කඩුලු 3ක් ද දවා ගත්තේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 34යි එක් පන්දුවකදී කඩුලු 4ක් දැවී ලකුණු 198ක් ලබා තරගය ජය ගත්තා.
චමරී අතපත්තු ලකුණු 38ක් ද, විශ්මි ගුණරත්න ලකුණු 40ක් ද , හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 44ක් ද රැස්කළා.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරග 3කින් සමන්විත තරගාවලිය තරග 1ට 0ක් ලෙස පෙරමුණ ගත්තේය.
2025 අප්‍රේල් 20, ප.ව. 7:13
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:13
2025 අප්‍රේල් 17, ප.ව. 11:32
2025 අප්‍රේල් 16, ප.ව. 11:41
2025 අප්‍රේල් 15, ප.ව. 4:39