hit counter

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2024 සැප්‍තැම්‍බර් 23, ප.ව. 8:59



එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතව ඇති ICC T20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව ගියේය 

මෙවර ලෝක කුසලානය ඔක්තෝබර් 03වනදා සිට 20 දක්වා පැවැත්වීමට නියමිතවයි.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සහභාගි වන පළමු තරගය ලබන මස 3  වනදා පාකිස්ථානය සමග පැවැත්වීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා සංචිතය,

චමරි අතපත්තු (නායිකාව), හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, කවිෂා දිල්හාරි, නිලක්ෂි ද සිල්වා, හසිනි පෙරේරා, අනුෂ්කා සංජීවනී, සචිනි නිසංසලා, උදේශිකා ප්‍රබෝධනී, ඉනෝෂි ප්‍රනාන්දු, අචිනි කුලසූරිය, ඉනෝකා රණවීර, ශෂිනි ගිම්හානි, අමා කාංචනා, සුගන්දිකා කුමාරි

අතිරේක – කෞෂිනි නුත්‍යාංගනා