hit counter

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2024 ඔක්‍තෝබර් 09, ප.ව. 11:05



2024 කාන්තා ලෝක කුසලානයේ මුලික වටයෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සිදුවිය.

ඉන්දියාව සමග තරගය ලකුණු 82කින් පරාජය වු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට මෙම ඉරණම අත් විය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කාන්තා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 3ක් දැවී ලකුණු 172ක් ලබා ගත්තේය.

ස්මිත්‍රී මන්දනා ලකුණු 50ක් ද, නායිකා හර්මින්ප්‍රිත් කෞර් නොදැවී ලකුණු 52ක් ද ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවාර 19.5කදී කඩුලු 10 දැවී ලකුණු 90ක් පමණක් ලබා ගත්තා.

පාකිස්ථානය,ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව හමුවේ පරාජය වු ශ්‍රී ලංකා කණ්ඩායම මුලික වටයෙන් ඉවත්විය.