hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූලි 22, ප.ව. 7:09



ආසියානු කුසලාන T20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ මැලේසියාව සමග තරගය ලකුණු 144කින් ජය ගන්නට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4ක් දැවී ලකුණු 184ක් ලබා ගත්තා.

චමරී අතපත්තු පන්දු 69කින් නොදැවී ලකුණු 119ක් ලබා ගත්තේය.

චමරී වාර්තා කළ තුන්වැනි ශතකයි.

ආසියානු කාන්තා T20 ක්‍රිකට් තරගාවලියකදී ක්‍රීඩිකාවක් වාර්තා කළ පළමු ශතකය ද මෙයයි.

මෙය ඇයගේ T20 වැඩිම ලකුණු සංඛ්‍යාව ද වෙයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මැලේසියානු කාන්තා කණ්ඩායමට පන්දුවාර 19.5කදී කඩුලු 10ම දැවී ලබා ගත්තේ ලකුණු 40ක්.

ශෂිනි ගිම්හානි ලකුණු 9කට කඩුලු 3ක් ද, කාව්‍ය කාවින්දි ලකුණු 7කට කඩුලු 2ක් ද, කවීෂා දිල්හාරි ලකුණු 4කට කඩුලු 2ක් ද දවා ගත්තාය.