hit counter

2026 මාර්තු මස 04 වන බදාදා

2024 දෙසැම්‍බර් 20, පෙ.ව. 12:24



ලංකා T10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට දසුන් ශානක නායකත්වයෙන් යුත් හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම සමත්විය.

ඒ ජැෆ්නා ටයිටන්ස් කණ්ඩායම ලකුණු 26කින් පරාජය කරමින්.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම පන්දුවාර 10 අවසනයේදී කඩුලු 7ක් දැවී ලකුණු 133ක් රැස්කිරීමට සමත් වුණා.

ලකුණු 133ක ඉලක්කයක් හඹා ගිය ජැෆ්නා ටයිටන්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 10දී කඩුලු 6ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 107ක් පමණි.

ටොම් ඇබෙල් නොදැවී ලකුණු 54යි.

හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම පළමු වරට පැවැත් වූ ලංකා T10 සුපර් ලීග් තරගාවලියේ ශූරතාව දිනා ගත්තේය.