hit counter

2024 ඔක්‍තෝබර් මස 05 වන සෙනසුරාදා

2024 ජූලි 07, පෙ.ව. 7:50



ඉන්දීය කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැති පළමු T20  තරගය ලකුණු 13නික් ජය ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසීය දිනූ ඉන්දීය කණ්ඩායමේ නායක ශුබ්මන් ගිල් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා සිම්බාබ්වේ කණ්ඩායමට ආරාධනා කළේය.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්වාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 115ක් රැස් කළේය.

Clive Madande නොදැවී ලකුණු 29ක් රැස් කළ අතර Dion Myers ලකුණු 23ක් රැස් කළේය.

පන්දු යැවීමේදී Ravi Bishnoi කඩුලු 04ක් දවාගත්තා.

ලකුණු 116ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 05ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 102ක් පමණි.

ඒ අනුව තරග 05කින් සමන්විත T20 තරගාවලිය 1 – 0ක් ලෙස පෙරමුණ ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය.

Example Image