hit counter

2024 ඔක්‍තෝබර් මස 05 වන සෙනසුරාදා

2024 ඔක්‍තෝබර් 05, ප.ව. 11:38



2024 T20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවැනි තරගය ද පරාජය විය.

ඒ, ඔස්ට්‍රේලියාව සමග පැවති තරගයෙන් කඩුලු 6ක පරාජයක් හිමිවීමත් සමගය.

සාජා පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ විශ්මි ගුණරත්න සමඟින් චමරි අතපත්තුය.

නමුත්  ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 93ක් පමණි.

හර්ෂිතා සමරවික්‍රම ලකුණු 23කට දැවී ගියා.

නිලක්ෂිකා සිල්වා නොදැවී ලකුණු 29ක් ලබා ගත්තාය.

ලකුණු 94ක ජයග්‍රහී ඉලක්කයක් හඹාගිය ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම පන්දුවාර 14යි පන්දු 2ක් අවසානයේ කඩුලු 4ක් දැවී සිය ඉලක්කය පසුකර ගියාය.

බෙත් මූනි නොදැවී ලකුණු 43යි.

මෙම පරාජය සමග ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම A කාණ්ඩයේ සහභාගි වූ තරග දෙකම පරාජය වී තිබේ.

Example Image