hit counter

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2024 ඔක්‍තෝබර් 03, පෙ.ව. 7:23



2024 කාන්තා T20 ලෝක කුසලානය අද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වීමට නියමිතව තිබේ.

කණ්ඩායම් 10 තරගාවලියට සහභාගි වන අතර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එහි A කාණ්ඩයේ තරග වැදීමට නියමිතය.

එම කාණ්ඩයට ඔස්ට්‍රේලියාව ,ඉන්දියාව,
නවසීලන්තය සහ පාකිස්ථානය ද ඇතුළත්‍ වෙයි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගි වන පළමු තරගය අද රාත්‍රී 7.30ට පාකිස්ථාන කාන්තා කණ්ඩායම සමග සාජා පිටියේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා තරගයට පෙර බංග්ලාදේශය සහ ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම අතර තරගය අද පස්වරු 3.30ට ආරම්භ වනවා.