hit counter

2024 ඔක්‍තෝබර් මස 05 වන සෙනසුරාදා

2024 ඔක්‍තෝබර් 04, පෙ.ව. 8:00



T20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු තරගයෙන් පාකිස්ථානය හමුවේ ලකුණු 31ක පරාජය විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්ථානකාන්තා කණ්ඩායම පන්දුවාර 20 තුළදී සියලු දෙනා දැවී ලකුණු 116ක් රැස්කිරීමට සමත් විය.

ෆාතිමා සානා ලකුණු 30ක් රැස්කිරීමට සමත් වුණා.

නිඩා ඩාර් ලකුණු 23යි.

චමරි අතපත්තු ලකුණු 18කට කඩුලු 3ක්,සුගන්දිකා කුමාරි ලකුණු 19කට කඩුලු 3ක් හා උදේශිකා ප්‍රබෝධනී ලකුණු 20කට කඩුලු තුනක් දවා ගත්තේය.

පාකිස්ථාන කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 117ක ඉලක්කයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට පන්දුවාර 20 තුළදී කඩුලු 9ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 85ක් පමණි.

නිලක්ෂි ද සිල්වා ලකුණු 22ක් හා ආරම්භක පිතිකාරිනී විශ්මි ගුණරත්න ලකුණු 20ක් රැස්කිරීමට සමත් වූවාය.

සාදියා ඉක්බාල් ලකුණු 17කට කඩුලු 3ක් ද, නෂ්රා සන්ධු ලකුණු 15කට කඩුලු 2ක් හා ඔමයිමා සොහයිල් ලකුණු 17කට කඩුලු 2ක් දවා ගත්තේය.

Example Image