hit counter

2024 ජූනි මස 30 වන ඉරිදා

2024 ජූනි 02, පෙ.ව. 12:08



ලොව ප්‍රබල කණ්ඩායම් 20 ක් එක් ලෝක කුසලානයක් සඳහා තරග වදින 2024 T20 ලෝක කුසලාන තරගාවලිය ඇමරිකාව සහ බටහිර ඉන්දීය කොදෙව්හි සත්කාරකත්වයෙන් අද ආරම්භ වීමට නියමිතව තිබේ.

ක්‍රිකට් ලෝක කුසලානයක් ඇමෙරිකා එක්සත් ජනපදයේදී පැවැත්වෙන පළමු අවස්ථාව මෙය ලෙසින් වාර්තා අතරට එක්වනු ඇත.

තරගාවලියේ සමාරම්භක උළෙලින් අනතුරුව, ඇමෙරිකා එක්සත් ජනපදය සහ කැනඩා කණ්ඩායම පළමු තරගය වෙනුවෙන් පිටියට පිවිසෙනු ඇත.

එම තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද පෙරවරු 6.00ට ආරම්භ වීමට නියතමිව තිබේ.

එමෙන්ම බටහිර ඉන්දීය කොදෙව් සහ පැපුවා නිව්ගිනියා කණ්ඩායම් ද අද තරග වැදීමට නියමිතව තිබේ.

මෙවර ලෝක කුසලානයේ මූලික වටයේදී A,B,C සහ D කාණ්ඩ 4ක් යටතේ තරග පැවැත්වීමට නියමිතව තිබේ.

D කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව මූලික වටයේ දී තරග වැදීමට නියමිතව ඇති අතර ඊට ඇතුළත් සෙසු රටවල් වන්නේ දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය, නේපාලය සහ නෙදර්ලන්තයයි.

මූලික වටයේ ශ්‍රී ලංකාව එක්වන පළමු තරගය ජුනි මස 3 වැනිදා දකුණු අප්‍රිකාව සමඟින් පැවැත්වීමට නියමිතය.