hit counter

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2024 ජූනි 04, පෙ.ව. 12:34



T20 ලෝක කුසලානයේ සිය පළමු තරගයෙන් දකුණු අප්‍රිකාව හමුවේ කඩුලු 6ක පරජයක් ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත්තේය.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19.1කදී ලකුණු 77කට දැවී ගියා.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර T20 තරගයකදී වාර්තා කළ අඩුම ලකුණු ගණන ද මෙයයි.

නිව්යෝර්ක් හිදී පැවැති මෙම තරගයේදී කුසල් මෙන්ඩිස් ලකුණු 19ක් ද, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 16ක් ද කමිඳු මෙන්ඩිස් 11ක් ද ලබා ගත්තා.

එන්‍ රිච් නොක්‍යා ලකුණු 7කට කඩුලු 4ක් ද කගිසෝ රබාඩා සහ කේෂාව් මහරාජ් කඩුලු 2ක්ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා පන්දුවාර 16.2කදී කඩුලු 4ක් දැවී ලකුණු 80ක් ලබා තරගය ජය ගත්තේය.

ක්වින්ඩන් ඩී කොක් ලකුණු 20ක් ද හෙන්රිච් ක්ලාසන් නොදැවී ලකුණු 19ක් ද ලබා ගත්තා.

වනිඳු හසරංග ලකුණු 22කට කඩුලු 2යි.