hit counter

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2024 ජූනි 12, ප.ව. 10:08



T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව මෙතෙක් සහභාගි වූ දකුණු අප්‍රිකා සහ බංග්ලාදේශ තරග පරාජය විය.

මීට අමතරව අද නේපාලය සමග තරගය වර්ෂාව හේතුවෙන් අත් හැර දැමීමට ද සිදු වුණා.

මෙම තරගය වැස්සෙන් සේදී යාම නිසා ශ්‍රී ලංකාවට එක් ප්‍රසාද ලකුණක් හිමිවිය.

එලෙස තිබියදී තවමත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර T20 ලෝක කුසලානයෙන් ඉවත් වී නැහැ.

තවමත් ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි 8 දෙනාගේ තරග වටයට පිවිසීමට අවස්ථාවක් තිබේ.

බංග්ලාදේශය සහ නෙදර්ලන්තය අතර පැවැත්වෙන තරගය වර්ෂාව හේතුවෙන් අත් හැර දැමීමට සිදුව, දකුණු අප්‍රිකාව නේපාලය පරාජය කරමින් හා බංග්ලාදේශ – නේපාල තරගය නේපාලය ජය ගතහොත් ශ්‍රී ලංකාවට සුපිරි 8 අතරට එක්වන්නට අවස්ථාවක් තිබෙනවා.

ශ්‍රී ලංකාව නෙදර්ලන්තය පරාජය කරමින් වැඩි ලකුණු වේගයක් රඳවා ගතහොත් දකුණු අප්‍රිකාව සමග ශ්‍රී ලංකාව සුපර් 8 වටයට පිවිසීමට හැකියාව ලැබෙනවා.