hit counter

2024 ජූනි මස 30 වන ඉරිදා

2024 ජූනි 03, ප.ව. 8:41



2014 පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් වසර දහයකට පසුව ක්‍රියාත්මක වන 2024 පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සිය පළමු තරගයට අද මුහුණ දීමට නියමිතය.

දකුණු අප්‍රිකාව හමුවේ පැවැත්වෙන එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රි 8.00 ට ආරම්භ වීමට නියමිත අතර මෙවර තරගාවලියේ සිව් වැනි තරගය ලෙස මෙම තරගය පැවැත්වේ.

ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේ දී “ඩී” කාණ්ඩය යටතේ තරග වදී.

ශ්‍රී ලංකා කණ්ඩායම වනිඳු හසරංග විසින් මෙහෙයවනු ලබන අතර දකුණු අප්‍රිකා කණ්ඩායම ඒඩ්න් මාක්‍රාම් විසින් මෙහෙයවනු ලබයි.

තරගාවලිය යටතේ පැවති පළමු පුහුණු තරගයෙන් පරාජයට පත් වූ ශ්‍රී ලංකාව දෙවන පුහුණු තරගයේදී ජයග්‍රහණය කර යළි සිය සුපුරුදු දක්ෂතා අතරට පැමිණියේය.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පන්දු වාර විස්සයි විස්ස තරග ඉතිහාසය පිරික්සීමේදී දෙරට අතර පවත්වා ඇති 17 කදී තරග දොළහක් දකුණු අප්‍රිකාව විසින් ජයගෙන ඇති අතර ශ්‍රී ලංකාව තරග පහකදී ජය ලබා ඇත.

එසේම අවසන් වරට දෙරට අතර පැවැති තරග 5 ම දකුණු අප්‍රිකාව විසින් ජයගෙන තිබේ.

මෙම තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.