hit counter

2024 සැප්‍තැම්‍බර් මස 28 වන සෙනසුරාදා

2024 ජූනි 23, ප.ව. 9:06



T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ ඔස්ට්‍රේලියාව සමඟ පැවැති තරගය ලකුණු 21කින් ජයගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වුණා.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 148ක් ලබා ගත්තේය.

රහ්මනුල්ලා ගුර්බාස් ලකුණු 60ක් සහ ඉබ්‍රහීම් සද්‍රාන් ලකුණු 51ක් ලබා ගත්තේය.

මෙම තරගයේදීත් කඩුලු ත්‍රිත්වයක් දවා ගන්නට පැට් කමින්ස් සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා ඔස්ට්‍රේලියානු කණ්ඩායමට පන්දුවාර 19.2ක් තුළ සියලු දෙනා දැවී ලබා ගැනීමට ලබා ගත හැකි වූයේ ලකුණු 127ක් පමණයි.


ග්ලේන් මැක්ස්වේල් ලකුණු 59ක්, ඩේවිඩ් වෝනර් ලකුණු 12ක් සහ මාර්ක්ස් ස්ටොයිනිස් ලකුණු 11ක් ලබාගත්තා.

පන්දු යැවීමේ දී ගුල්බඩීන් නයිබ් ලකුණු 20කට කඩුලු 04ක් දවා ගැනීමටයි සමත් වුණා.

එමෙන් ම නවීන් උල් හක් කඩුලු 03ක් බිඳ හෙළුවා.

ඇෆ්ගනිස්ථානය ,ඔස්ට්‍රේලියාව කණ්ඩායම පරාජය කළ ප්‍රථම අවස්ථාව ද මෙයයි.

මෙම ජයග්‍රහණය දහස් ගණනක් වූ ඇෆ්ගනිස්ථානය වැසියන් සිය රටේ සිට සමරනු ලැබුවා.

Example Image