hit counter

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2024 ඔක්‍තෝබර් 05, පෙ.ව. 7:22



T20 කාන්තා ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගය අද සාජා පිටියේදී පැවැත්වීමට නියමිතව තිබේ.

දිවා තරගයක් වන මෙය අද සවස 3.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

පසුගිය වර ලෝක ශූරියන් වන ඔස්ට්‍රේලියාව මෙවර ලෝක කුසලානයේදී සහභාගි වන පළමු තරගය ද මෙයයි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ,පාකිස්ථානය හමුවේ ලද පරාජයෙන් අනතුරුව මෙම තරගයට එක්වනවා.

ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පවසා සිටියේ අද තරගයේදී කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුවන බවයි.