hit counter

2024 සැප්‍තැම්‍බර් මස 28 වන සෙනසුරාදා

2024 ජූනි 19, පෙ.ව. 8:25



2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ තරග ආරම්භ කරමින් දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ඇමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් හි නෝර්ත් සවුන්ඩ් ක්‍රීඩාංගනයේදී අද තරග බිමට පිවිසීමට නියමිතය.

ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 8 ට තරගය ආරම්භ වීමට නියමිතව තිබේ.

තරගාවලියේ මූලික වටය දකුණු අප්‍රිකා කණ්ඩායම අපරාජිතව නිමා කිරීමට සමත් වූ අතර ඇමෙරිකා කණ්ඩායම එක් තරගයක් පරාජය විය.

මෙම තරගාවලියේ දී මේ කණ්ඩායම් දෙක මුණ ගැසෙන පළමු අවස්ථාව මෙය වන අතර ඇමරිකාව මූලික වටයේදී පරාජය වූ එකම තරගය ඉන්දියාව හමුවේ පැවති තරගය විය.

සුපිරි 8ට දෙනාගේ තරග වටයේ කණ්ඩායම් කාණ්ඩ දෙකකින් තරග බිමට පිවිසෙනවා.

1 කාණ්ඩයෙන් ඉන්දියාව, ඔස්ට්‍රේලියාව ,බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය තරග වැදීමට නියමිතව තිබේ.

2 කාණ්ඩයෙන් දකුණු අප්‍රිකාව ,බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ,එංගලන්තය සහ අමෙරිකාව තරග වදිනවා.

Example Image