hit counter

2026 ජනවාරි මස 12 වන සඳුදා

2023 අගෝස්‍තු 07, ප.ව. 8:25



ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායමෙන් ඉවත් වීමට තමන් තීරණය කළ බව ප්‍රමුඛ පෙළේ ක්‍රීඩිකා තර්ජිනී සිවලිංගම් (Tharjini Sivalingam) ප්‍රකාශ කර තිබෙනවා.

ඇය මේ බව ප්‍රකාශ කළේ ඇයගේ නිල සමාජ මාධ්‍ය පිටුව වෙත පණිවිඩයක් තබමින්.

කෙසේ වෙතත් පිටරට පැවැත්වෙන නෙට්බෝල් තරඟාවලි සඳහා තමන් තවදුරටත් සහභාගී වන බවද ඇය නිවේදනය කර ඇති බවයි වාර්තා වන්නේ.

තම විශ්‍රාම ගැන්වීම සම්බන්ධයෙන් ඉදිරියේදී නිල ප්‍රකාශයක් කරන බවද ඇය සඳහන් කරනවා.

පසුගිය වසරේ පැවැති ආසියානු දැල්පන්දු තරගාවලිය ජයගත් ශ්‍රී ලංකා පිලට දර්ජිනී සිවලිංගම් වැදගත් කාර්යභාරයක් ඉටු කිරීම ද විශේෂත්වයක්.