hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 දෙසැම්‍බර් 15, පෙ.ව. 10:56



ආසියානු ක්‍රීඩා උලෙළේදී මීටර් 800 ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ගත් තරුෂි කරුණාරත්න ක්‍රීඩිකාව වෛද්‍ය ප්‍රතිකාර සඳහා අයර්ලන්තයට යවන ලෙස ක්‍රීඩා වෛද්‍ය ආයතනය කළ ඉල්ලීම ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ක්‍රීඩා වෛද්‍ය ආයතනය, ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව, ජාතික මලල ක්‍රීඩා සංගමය, ජාතික තේරීම් කමිටුව, ජාතික ක්‍රීඩා සභාවේ සහ නියෝජිතයන් සමග අමාත්‍යංශ කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ක්‍රීඩා ඇමැතිවරයා මේ බව පවසා තිබුණා.

ක්‍රීඩා වෛද්‍ය ආයතනය ක්‍රීඩා ඇමැතිවරයාගෙන් අවසර ලබාගෙන කරුණාරත්නගේ වෛද්‍ය වියදම් සහ අයර්ලන්තයේ අනෙකුත් වියදම් සඳහා අවශ්‍ය මුදල් නිදහස් කරන ලෙස ඉල්ලා තිබුණද අමාත්‍යවරයා කරුණු කිහිපයක් පදනම් කරගනිමින් එය ප්‍රතික්ෂේප කර ඇත.

එමෙන්ම මෙම යොවුන් ක්‍රීඩිකාව ඇගේ ආබාධය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේදී කිසි දිනක MRI ස්කෑන් පරීක්ෂණයකට මුහුණ දී නොතිබීම, ඇය ක්‍රීඩා වෛද්‍ය ආයතනයෙන් ඉල්ලා සිටි වියදම් පිලිබඳ ප්‍රශ්නාර්ථයක් මතුවීම යනාදී ගැටලුද මෙහිදී සාකච්ඡා කර ඇත.

කෙසේ වෙතත් අවසානයේ ක්‍රීඩා අමාත්‍යවරයා නියෝග කර ඇත්තේ විශේෂ වෛද්‍ය ඒකකයක් මගින් වෛද්‍ය පරීක්ෂණයකට තරුෂි කරුණාරත්න භාජනය කර ඉදිරි පියවර ගන්නා ලෙසටයි.