hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 11, ප.ව. 7:19



2023 ආසියානු කුසලාන යොවුන් එක්දින ක්‍රිකට් තරගාවලියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග පැවැති තරගයෙන් කඩුලු 2ක පරාජයක් ලබා ගන්නට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට අද සිදු වුණා.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 219ක් ලබා ගත්තාය.

නායක සිනෙත් ජයවර්ධන ලකුණු 49ක් ද,දිනුර කලුපහන නොදැවී ලකුණු 56ක් ද ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යොවුන් ක්‍රීඩකයින් පන්දුවාර 48.2 කඩුලු 8ක් දැවී ලකුණු 224ක් ලබා තරගය ජය ගත්තා.

යොවුන් ශ්‍රී ලංකා කණ්ඩායමක් UAE කණ්ඩායම හමුවේ පරාජය වූ පළමු අවස්ථාව ද මෙයයි.