hit counter

2026 ජනවාරි මස 15 වන බ්‍රහස්පතින්දා

2026 ජනවාරි 15, ප.ව. 11:18



වයස 19න් පහළ එක්දින ලෝක කුසලානය අද සිම්බාබ්වේ හා නැමිබියාවේදී ආරම්භ විය.

එහිදි ඇමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම පරදා ඉන්දියා වයස 19න් පහළ කණ්ඩායමට ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 6 ක ජයක් හිමි වුණා.

අනෙක් තරගය ටැන්සානියා කණ්ඩායම පරදවමින් කඩුලු 5ක ජයක් ලබා ගන්නට බටහිර ඉන්දීය කොදෙව් වයස 19න් පහළ කණ්ඩායම සමත් විය.

සිම්බාබ්වේ සහ ස්කොට්ලන්තය අතර තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුව තිබේ.

වයස 19න් පහළ එක්දින ලෝක කුසලානයට මෙවර රටවල් 16ක් එක්වෙයි.

එම රටවල් මූලික වටයේදී කාණ්ඩ දෙකකින් තරග බිමට පිවිසෙන අතර ඉන් අනතුරුව Super 6 වටයට කණ්ඩායම් 12ක් සුදුසුකම් ලබා ගනී.

ශ්‍රී ලංකා වයස 19න් පහළ කණ්ඩායම මූලික වටයේ A කණ්ඩයෙන් එක්වන අතර ඔවුන් පළමු තරගයේදී ජපානය හා ජනවාරි මස 17 වනදා තරග වදිනවා. 

වයස 19න් පහළ එක්දින ලෝක කුසලානයේ අවසන් තරගය පෙබරවාරි මස 6 වනදා පැවැත්වීමට නියමිතය.