2023 සැප්‍තැම්‍බර් 11, ප.ව. 11:04
ලොව වැඩිම ග්‍රෑන්ඩ් ස්ලැම් ටෙනිස් ශූරතා ගණන් දිනූ ක්‍රීඩකයාගේ හෝ ක්‍රීඩිකාවගේ වාර්තාව සම කරන්නට සර්බියාවේ නොවැක් ජොකොවිච්ට හැකියාව ලැබුණා.
ඒ 2023 ඇමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ ශූරතාව දිනා ගනිමින්.
අවසන් තරගයේදී නොවැක් ජොකොවිච් හමුවේ තරග වට 3 ට 0ක් ලෙස රුසියාවේ ඩැනියෙල් මෙඩ්විඩෙව් පරජය වුණා.
නොවැක් ජොකොවිච් දිනූ 24 වැනි ග්‍රෑන්ඩ් ස්ලැම් ටෙනිස් ශූරතාව මෙය වන අතර ඒ සමග ලොව වැඩිම ග්‍රෑන්ඩ් ස්ලැම් ටෙනිස් ශූරතා දිනාගෙන තිබෙන ඔස්ට්‍රේලියාවේ මාග්‍රට් කෝට් සමග ජොකොවිච් සමතැන් ගත්තා.
2025 අප්‍රේල් 20, ප.ව. 7:13
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:13
2025 අප්‍රේල් 17, ප.ව. 11:32
2025 අප්‍රේල් 16, ප.ව. 11:41
2025 අප්‍රේල් 15, ප.ව. 4:39