hit counter

2025 අප්‍රේල් මස 21 වන සඳුදා

2024 ජනවාරි 12, පෙ.ව. 12:22



සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව තුන්වැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

කොළඹ R.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරගයක් ලෙස පැතුණු තරගයට වර්ශාවෙන් දෙවරක් බාධා එල්ල වීම නිසා ඉනිමක් පන්දුවාර 27ක් වුණා.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ පන්දුවාර 22.5කදී ලකුණු 96කට දැවී ගියේය.

Joylord Gumbi ලකුණු 29යි.

වනිඳු හසරංග ලකුණු 19කට කඩුලු 7යි.

ආබාධයෙන් සුව වී වනිඳු හසරංග මාස 6කට පසු සහභාගී වු පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ද මෙයයි.

මෙය වනිඳු හසරංගගේ හොදම පන්දු යැවීමයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 16.4කදී කඩුලු 2ක් දැවී ලකුණු 97ක් ලබා තරගය ජයගත්තේය.

නායක කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 66යි.

ශ්‍රී ලංකා තරගාවලිය තරග 2-0ක් ලෙස ජය ගත්තේය.