hit counter

2024 ජූනි මස 26 වන බදාදා

2023 අගෝස්‍තු 18, පෙ.ව. 11:05



මෙවර LPL T20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට තවත් පියවරකින් ලංවන්නට බී ලව් කැන්ඩි කණ්ඩායමට හැකියාව ලැබුණේ අඛණ්ඩව තුන්වරක් LPL ශූරතාව දිනූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පළමු වරට තරගාවලියෙන් ඉවතට ඇද දමමින්.

දෙවැනි Playoff තරගය බී ලව් කැන්ඩි කණ්ඩායම ලකුණු 61කින් ජය ගත්තා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් බී ලව් කැන්ඩි කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 188ක් රැස්කළා.

මොහොමඩ් හැරිස් ලකුණු 79ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 41ක් රැස්කළා.

නුවන් තුෂාර ලකුණු 40කට කඩුලු 4යි.

ජැෆ්නා කිංග්ස් පිළිතුරු ඉනිම පන්දුවාර 17යි පන්දු දෙකකදී ලකුණු 127කට සීමා කරන්නට වනිඳු හසරංග ප්‍රමුඛ කැන්ඩි පන්දු බල ඇණියට හැකියාව ලැබුණා.

LPL තරග ඉතිහාසයේ ක්‍රීඩකයෙකු වාර්තා කළ හොදම පන්දු යැවීම වාර්තා කළ වනිඳු හසරංග ලකුණු 9කට කඩුලු 6ක් බිද දැමුවා.

Playoff තුන්වැනි තරගයේදී ගෝල් ටයිටන්ස් සහ බී ලව් කැන්ඩි කණ්ඩායම හෙට තරග වදිනවා.

එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම දඹුල්ල අවුරා කණ්ඩායම සමග LPL අවසන් තරගයේදී අනිද්දා තරග වැදීමට නියමිතයි.