hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 28, පෙ.ව. 11:29



2023 ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය ඊයේ නිමාව දුටුවේ මෙවර තරගාවලියේ සමස්ත පදක්කම් සටහනේ පෙරමුණ ඇමෙරිකා එක්සත් ජනපදයට හිමිකර දෙමින්.

ඔවුන් මෙවර රන් පදක්කම් 12ක්,රිදී පදක්කම් 8ක් සහ ලෝකඩ පදක්කම් 9ක් හිමිකර ගත්තා.

ඇමෙරිකානු කණ්ඩායම සමස්ත පදක්කම් 29ක් දිනා ගත්තා.

දෙවැනි ස්ථානය දිනා ගන්නට කැනඩාව සමත් වුණා.

කැනඩාව රන් පදක්කම් 4ක් සහ රිදී පදක්කම් 2ක් සමගින් සමස්ත පදක්කම් 6කට හිමිකම් කිව්වා.

තුන්වැනි ස්ථානය රන් පදක්කම් 4ක් සහ රිදී පදක්කමක් දිනා ගත් ස්පාඤ්ඤයට හිමි වූ අතර ප්‍රභල ජැමෙයිකාවට මෙවර හිමි වුණේ සිව්වැනි ස්ථානයයි.

ජැමෙයිකාව රන් පදක්කම 3ක්, රිදී පදක්කම් 5ක් සහ ලෝකඩ පදක්කම් 4ක් දිනූ අතර ඔවුන්ට හිමි වූ සමස්ත පදක්කම් සංඛ්‍යාව 12ක්.