hit counter

2024 ජූලි මස 07 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 05, ප.ව. 11:19



2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයෙන් කඩුලු 9ක පහසු ජයක් වාර්තා කරන්නට නවසීලන්තය සමත් වුණා.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්තයට පන්දුවාර 50 අවසානයේදී කඩුලු 9ක් දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 282ක් පමණයි.

ජෝ රූට් ලකුණු 77ක් ද ,ජෝස් බට්ලර් ලකුණු 43ක් ද ලබා ගත්තා.

මැට් හෙන්ඩ්‍රි කඩුලු 4ක් සහ මිචෙල් සැට්නර් කඩුලු 2ක් ද,ග්ලෙන් පිලිප්ස් කඩුලු 2ක් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය පන්දුවාර 36යි පන්දු 2කදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 283ක් ලබා තරගය ජය ගත්තා.

එහිදී ඩෙවෝන් කොන්වේ පන්දු 121කින් නොදැවී ලකුණු 152ක් ද ,රචින් රවීන්ද්‍ර පන්දු 96කින් නොදැවී ලකුණු 123ක් ද රැස් කළා.

තරගයේ වීරයා රචින් රවීන්ද්‍ර.

2019 ලෝක කුසලානයේ අවසන් තරගයේදී නවසීලන්තය පරාජය කරමින් ලෝක කුසලානය දිනූ එංගලන්තය මෙවර ලෝක කුසලාන පළමු තරගයේදී නවසීලන්තය හමුවේ පරාජයවීම සුවිශේෂී වූ කරුණක්.