2023 ඔක්තෝබර් 07, ප.ව. 11:20
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සමග පැවැති තරගයෙන් ලකුණු 102ක ජයක් වාර්තා කරන්නට දකුණු අප්‍රිකාව සමත් වුණා.
මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 50 අවසාන් කළේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 428ක් ලබා ගෙනයි.
ඒ ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව පිහිටුවන්නට සමත් වෙමින්.
එහිදි ශතක තුනක් වාර්තා වූ අතර ඊට හිමිකම් කීවේ කුයින්ටන් ඩී කොක් ,රෙසී වැන්ඩ ඩුසන් සහ ඒඩ්‍රියන් මාක්රම්.
මාක්රම් පන්දු 49කින් ශතකය වාර්තා කරමින් ලෝක කුසලාන ඉතිහාසයේ ක්‍රීඩකයෙකු වාර්තා කළ වේගවත්ම ශතකයට හිමිකම් කිව්වා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 44යි පන්දු 5කදී සියලු දෙනා දැවී ලකුණු 326ක් ලබා ගත්තා.
එහිදි කුසල් මෙන්ඩිස් ලකුණු 76ක්ද ,චරිත් අසලංක ලකුණු 79ක් ද දසුන් ශානක ලකුණු 68ක් ද ලබා ගත්තා.
දසුන් ශානක එක්දින ඉනිම් 18කට පසුව අර්ධ ශතකයක් වාර්තා කළා.
මෙම තරගයේදී කණ්ඩායම් දෙකම ලකුණු 754ක් ලබා තිබුණු අතර එය එක් ලෝක කුසලාන තරගයකදී වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ද වනවා.
2024 දෙසැම්බර් 20, පෙ.ව. 12:24
2024 දෙසැම්බර් 19, පෙ.ව. 8:32
2024 දෙසැම්බර් 17, ප.ව. 11:21
2024 දෙසැම්බර් 16, පෙ.ව. 9:17
2024 දෙසැම්බර් 16, පෙ.ව. 8:39