hit counter

2025 ජූනි මස 02 වන සඳුදා

2023 ඔක්‍තෝබර් 11, පෙ.ව. 4:24



2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් දෙවැනි තරගයෙන් ද පාකිස්ථානය හමුවේ කඩුලු 6ක පරාජයක් වැළද ගන්නට සිදු වුණා.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 344ක් ලබා ගත්තා.

එහිදි කුසල් මෙන්ඩිස් පන්දු 77කින් ලකුණු 122ක් ද, සධීර සමරවික්‍රම පන්දු 89කින් ලකුණු 108ක් ද රැස් කළා.

පැතුම් නිස්සංක ලකුණු 51යි.

හසන් අලි ලකුණු 71කට කඩුලු 4ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 2කදී කඩුලු 4ක් දැවී ලකුණු 345ක් ලබා තරගය ජය ගත්තා.

අබ්දුල්ලා ෂෆීක් පන්දු 103කින් ලකුණු 113ක් ද,මොහොමඩ් රිස්වාන් පන්දු 121කින් නොදැවී ලකුණු 131ක් ද ලබා ගත්තා.

ඩිල්ෂාන් මධුෂංක ලකුණු 60කට කඩුලු 2යි.

තරගයේ වීරයා මොහොමඩ් රිස්වාන්.