hit counter

2026 පෙබරවාරි මස 22 වන ඉරිදා

2023 මැයි 20, ප.ව. 6:10



ඉන්ස්ටග්‍රෑම් විසින් ට්විටර් සමග තරග කිරීම වෙනුවෙන් නවතම ඇප් එකක් නිකුත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

මෙටා (Meta) සමාගම තීරණය කර ඇත්තේ එය ඉන්ස්ටග්‍රෑම් සමග ඒකාබද්ධ වන යෙදවුමක් ලෙස හඳුන්වා දීමටයි.

එම යෙදවුම එළඹෙන ජුනි මාසය වන විය බොහෝ දුරට හඳුන්වාදීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම යෙදවුම මේ වනවිට පරීක්ෂා කරබැලීම සඳහා විවිධ ප්‍රසිද්ධ පුද්ගලයින් සම්බන්ධ කර ගනිමින් වැඩිදියුණු කිරීම් සිදුවෙමින් පවතින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.