2022 මැයි 05, පෙ.ව. 5:04
සුජානි මේනකා කියන නම ලංකාවේ නොදන්න කෙනෙක් නැති තරම්.
ඒ තරමටම රංගන ක්ෂේත්රය තුළ මහඟු සේවාවක් ඉටු කළ ඇය මේ දිනවල දී පෝක් වීදිය ටෙලි නාට්‍ය ඔස්සේ අපිට දැක බලාගන්නට පුළුවන්.
ඇය රංගනයෙන් දායක වූ ටෙලිනාට්‍ය මෙන්ම සිනමාපට ද ප්‍රේක්ෂක ආකර්ෂණය විශාල වශයෙන් දිනා ගත්තේ ඇගේ රංගනයේ ඇති තාත්වික බව නිසාමයි.
ඇය ඇත්තෙන්ම කලා ක්ෂේත්රයේ ඉන්න ඉතාම නිහතමානී රංගන ශිල්පිනියක් කිව්වොත් මා නිවැරදියි.
ඇය විවාහ වී සිටින්නේ ද රංගන ක්ෂේත්රයේ මහගු මෙහෙවරක් කරන හරි අපූරු රංගධරයකු වන බිමල් ජයකොඩි සමගයි.
ඔහුද රංගනයෙන් දායක වන සියලුම නිර්මාණ ජනතාව අතර අතිශය ආකර්ෂණයට ලක් වන්නේ ඔහුගේ ඇති දක්ෂ රංගන හැකියාව නිසාමයි.
මේ දින වල ගාලු මුවදොර පැවැත්වෙන අරගලයට සහභාගී වෙන නම් අතර සුජානිගේ වගේම බිමල්ගේ නමත් කියවෙනවා.
ඒ ඔවුන් දෙදෙනාගේ රංගන ශිල්පින් ලෙස අරගල බිමේ සටන් කිරිම නිසා.
ඉතින් සුජානි මේ අරගලය ගැන සිය මුහුණුපොතේ සටහනක් තබා තිබුණේ මෙලෙසයි,
කන්න නැතත්, ගෙදර පුරුදු ඇඳේ නිදාගන්න පුලුවන් තවමත්. ඒත්, දිනන අරගලය දිනවන්න එකතු වුණ මිනිස්සු. විවේක නොසොයාපු ආදරණීය මිනිස්සු.
“කඳුලු තිබුනාද මාවතේ
රුදුරු හන්දාම ජීවිතේ
වතුර හෙව්වාද හාමතේ
පැදුරු නැති රෑක නිදිමතේ….”
2025 ජනවාරි 03, පෙ.ව. 12:04
2025 ජනවාරි 02, පෙ.ව. 12:08
2025 ජනවාරි 01, පෙ.ව. 12:06
2025 ජනවාරි 01, පෙ.ව. 12:06
2024 දෙසැම්බර් 31, පෙ.ව. 12:02