hit counter

2026 මැයි මස 03 වන ඉරිදා

2026 මැයි 02, පෙ.ව. 12:08



ඇයගේ ඒ ලස්සන හිනාවට ලෝකයක් ආදරය කරනවා.

ඒ වගේමයි කඩවසම් ඔහු, ඒ රුවට වශී වුණු බොහෝ දෙනෙක් මේ දෙන්නාගේ අලුත්ම තොරතුරු ගැන දැනගන්න මග බලාගෙන ඉන්නවා.

විජේ සහ රශ්මිකා, මේ යුවල ගැන ඇසෙන ඒ අලුත්ම ආරංචිය මොකක්ද..?

සිනමා තිරයේ මෙන්ම සැබෑ ජීවිතයේදීත් ලෝකයක් ආදරය කරන විජේ දේවරකොන්ඩා සහ රෂ්මිකා මන්දනා ගැන මේ දිනවල අමුතුම කතාවක් පැතිර යනවා කියා ඔබ දන්නවාද..?

පසුගිය පෙබරවාරි මාසයේදී ඔවුන් රහසින් යුගදිවියට පිවිසි බවට පැතිර යන කටකතා මධ්‍යයේ, මේ ආදරණීය යුවළ දැන් ප්‍රසිද්ධ ස්ථානවලට තනි තනියම පැමිණීම රසිකයන්ගේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා.

ඔවුන් මෙලෙස වෙන් වෙන්ව පෙනී සිටින්නේ ඇයි..? එය ඔවුන්ගේ අලුත්ම චිත්‍රපටයේ රහසිගත උපක්‍රමයක්ද..?

විජේ සහ රෂ්මිකා ප්‍රසිද්ධ උත්සව හෝ ගුවන් තොටුපළවල්වලදී එකට දැකගන්නට ලැබෙන්නේ ඉතාම කලාතුරකින්. මෑතකදී සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ දැඩි ලෙස කතාබහට ලක්වූ කරුණක් වන්නේ, ඔවුන් දෙදෙනා හිතාමතාම පොදු ස්ථානවලට එක්ව පැමිණීම මගහැර සිටින බවයි.

මීට ප්‍රධානතම හේතුව ලෙස වාර්තා වන්නේ ඔවුන් දෙදෙනා ප්‍රධාන චරිත නිරූපණය කරන “රණබාලි” (Ranabali) චිත්‍රපටයේ නිෂ්පාදක කණ්ඩායම ලබාදුන් උපදෙසක් බව පැවසෙනවා.

කොහොම වුණත්, ඔවුන් දෙපළ ගැන පවතින මාධ්‍ය අවධානය ඉතා ඉහළ මට්ටමක පවතිනවා. එම නිසා, ප්‍රේක්ෂකයන් තුළ ඔවුන් දෙදෙනා නැවතත් තිරය මත එකට දැකීමේ තිබෙන දැඩි කුතුහලය තවදුරටත් රඳවා ගැනීමට නිෂ්පාදකවරුන් මෙම උපක්‍රමය භාවිතා කරන බවයි පැවසෙන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: